පාසල් ළමුන් එන්නත්කරණය කිරීමත්, පාසල් ආරම්භ කිරීමත් සම්බන්ධව තාක්ෂණික කමිටු වාර්තා සැප්තැම්බර් මස 17 වන සිකුරාදා දින වන විට ජනාධිපති කාර්යසාධක බලකාය වෙත කඩිනමින් ඉදිරිපත් කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ තාක්ෂණික කමිටුවේදී මෙම තීරණය ගෙන ඇති බවය.
මෙහිදී ගුරුවරු, අනධ්‍යන කාර්ය මණ්ඩල, පාසල් ප්‍රවාහනය සහ ආපන ශාලාවට සම්බන්ධ වයස අවුරුදු 20ට වැඩි පිරිස් මෙතෙක් එන්නත්කරණය කර ගෙන නොමැති නම් කඩිනමින් තම තමන්ගේ ප්‍රදේශවලින් එන්නත ලබා ගන්නා ලෙසත් ඒ සදහා බාධාවක් වෙන්නේ නම් එය ඍජුව ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත දැනුම් දෙන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ