බ්‍රිතාන්‍යයේ දරුවන්ටත් කොවිඩ් එන්නත්

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් මෙම ළමුන් සඳහා ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මැයි මාසයේදී යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය විසින් ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලබාදෙනු ලැබීය.

ඒ අනුව ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය යන රටවල් මේ වනවිටත් ළමුන් එන්නත්කරණ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com