රුපියල් 60000ක් පමණ වටිනා ඩොබර්මන් වර්ගයට අයත් බැල්ලියක් සහ කුකුළන් හතර දෙනෙකු සොරකම් කිරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (15) නියෝග කළාය.
මෙසේ ඇපමත මුදා හරිනු ලැබුවේ රෙජ්ජ්පුර පදිංචි 24 හැවිරිදි සැකකරුවෙකි.
සැකකරු බැල්ලිය සොරකම් කරගෙන ඇවිත් බැල්ලියක් විකිණිමට සිටින බවට අන්තර්ජාලයේ දැන්විමක් පලකර තිබි ඇත. එය දුටු බැල්ලියගේ අයිතිකරුවන් වන ගමේම පදිංචිකරුවෙකු විසින් පෙලිසියට පැමිණිලි කර ඇත.
තෙලිකඩ පොලිසියේ සැරයන් එම්.කේ. ප්‍රනාන්දු (561) මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව