ලෝ සුපතල ‘ටයිම්’ සඟරාව, මෙම 2021 වසරේ ලොව කැපී පෙනෙන චරිත 100 නම් කර ඇති අතර, එම 100 දෙනා අතරේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල් ද සිටිති.
බ්‍රිතාන්‍ය රජ පවුලෙන් වෙන් වී ඇමෙරිකාවට ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් සමාජ සේවා කටයුතු රැසක නියැලෙති.
හැරී කුමරු සහ මෙගාන් මාකෙල් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් වූයේ ඔවුන් බ්‍රිතාන්‍ය රජ පවුලදැඩි ලෙස විවේචනය කළ බැවිනි. ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමට, කැප වී කටයුතු කරන යුවලක් ලෙස ‘ටයිම්’ සඟරාව හැරී මෙගාන් අර්ථ නිරූපණය කර තිබේ.
මෙම 2021 වසර සඳහා ‘ටයිම්’ සඟරාව නම් කළ ලොව කැපී පෙනෙන චරිත 100 දෙනා අතරේ කාන්තාවන් 54 දෙනකු සිටීම විශේෂත්වයකි. දේශපාලනික වශයෙන් ලොව කැපී පෙනෙන චරිත ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ වත්මන් උප ජනාධිපති කමලා හැරිස් ද සිටිති.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්