දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරුවේ මුදල් භාරව කටයුතු කළ මුදල් අයකැමිවරයා අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ අන්තර් හුවමාරුවේ සේප්පු දෙකක තිබු රුපියල් 1,418,500ක මුදලක් එම පුද්ගලයා විසින් වංචා කර ඇතැයි පසුගිය සැප්තැම්බර් මස 11 වන දා බණ්ඩාරගම පොලීසියට සිදුකල පැමිණිල්ලක් මතය.
ඒ අනුව බණ්ඩාරගම පොලීසිය හා පානදුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරු ඊයේ (17) දින අත්අඩංගුවට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අත්අඩංගුවට පත්වු සැකකරු සන්තකයේ තිබී රුපියල් 384,000ක මුදලක් ද සොයාගත් බවත් ඒ මහතා කියා සිටියේය.
සැකකරු පසුගිය අගෝස්තු මස 31 වන දින සිට අවස්ථා කිහිපයක දී මුදල් රැගෙන ගොස් ඇති බවත්, එම මුදල් ඔහුගේ පෞද්ගලික ණය පියවීමට යොදා ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එම පුද්ගලයා සූදු සෙල්ලම් කිරීමට ඇබ්බැහිවුවෙක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සැකකරු අද (18) දින පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ