ක්‍රිකට් විනාශ කළ බවට නවසීලන්තය ට චෝදනා

ආරක්ෂක හේතූන් බව පවසා පාකිස්තාන තරඟ සංචාරය අවලංගු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය ගත් තීරණය පාකිස්තාන හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ එම තීරණය විවේචනය ලක්කරමින් හිටපු ක්‍රීඩක සහ වත්මන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී රමීස් රාජා ද ටිවිටර් සටහනක් මගින් අදහස් පළකර තිබුණි.

ෂොයිබ් අක්තාර් ප්‍රකාශ කර තිබුණේ නවසීලන්තය පාකිස්තාන ක්‍රිකට් විනාශ කළ බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරයෙන් පසුව දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් පාකිස්තානයේ සාර්ථක තරඟ සංචාර අවසන් කර තිබියදී නවසීලන්ත කණ්ඩායමට පමණක් ගැටලුවක් වූයේ මන්ද යන්න පිළිබඳව හිටපු ක්‍රිඩක ෂොයිබ් මලික් ප්‍රශ්න කර තිබුණි.

වසීම් අක්‍රම්, මොහොමඩ් අමීර්, සක්ලේන් මුෂ්ටාක්, මොහොමඩ් අබ්බාස්, යසීර් ෂා සහ වකාර් යුනිස් යන අයද  ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය ගත් තීරණය පිළිබඳව අප්‍රසාදය පළකරමින් ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පළකර ඇති බව වාර්තා වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com