ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කර තිබෙනවා. ඒ අනුව කොවිඩ් අවධානම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ජපානයට ඇතුලු වීම තහනම් කර තිබුණා.
ජපානයට පැමිණෙන අදාළ රටවල සංචරකයින් ගුවන් තොටුපලේදී කොරෝනා පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර එහිදී එරට රජය නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධානයටද යොමු විය යුතු වනවා.
යළිත් දින 03කට පසුව කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙන අතර එහිදී ආසාදිතයෙකු නොවන්නේ නම් සිය රටට ඇතුලු වීමට අවසර හිමිවන බවයි ජපාන රජය නිවේදනය කර තිබෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ