වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා වීරකැටිය පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
අසල්වැසි නිවෙස්වල පදිංචිව සිටි ඥාතීන් දෙපිරිසක් අතර දීර්ඝ කාලයක සිට ආරවුල් ඇතිව තිබේ.
එහි දිගුවක් ලෙස ඊයේ (19) රාත්‍රියේ නැවත වරක් දෙපිරිස අතර ගැටුමක් හට ගෙන තිබු අතර එහිදී පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් අනෙක් ඥාතී පවුලේ 14 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලබා තිබුණි.
පසුව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ 14 හැවිරිදි දරුවා එහිදී මිය ගොස් තිබේ.
මියගිය දරුවාගේ 15 වැනි උපන්දිනය ද අදට යෙදී තිබේ.
මියගිය දරුවාගේ සීයා අපට පවසා සිටියේ, “මගේ උපන්දිනේ කියලා එන්න කිව්වා. පාර්ටියක් ගන්න තමයි මට එන්න කිව්වේ.” යනුවෙනි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ