තම රට අනාගතයේදී විදෙස් ගල්අඟුරු බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති භාර නොගන්නා බව චීනය පවසයි.
එම තීරණය පරිසරයට අහිතකර වායු විමෝචනය පාලනයට වැදගත් තීරණයක් බව පරිසර විශේෂඥයෝ පවසති.
චීන ජනාධිපති ෂී ජින්-පින් මේ බව පැවසුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ රාජ්‍ය නායක සැසිය අමතමිනි.
චීනය මේ වනවිට ඉන්දුනීසියාවේ සහ වියට්නාමයේ සුවිසල් යටිතල සංවර්ධන කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සඳහා මූල්‍ය පහසුකම් සපයයි.
නමුත් පැරිස් එකඟතාවය අනුව එවැනි ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම නොකරන ලෙස චීනය ට බලපෑම් එල්ල වෙයි.
“දියුණුවෙමින් පවතින රටවල් සඳහා හරිත සහ අඩු වියදම් බලශක්ති දියුණුකිරීම සඳහා ලබාදෙන සහාය වර්ධනය කිරීමට කටයුතු කරනවා. අපි විදෙස් රටවල ගල්අඟුරු බලාගාර ඉදිකරන්නේ නැහැ,” චීන ජනපතිවරයා පැවසීය.
චීනය ලොව විශාලතම හරිතාගාර වායු විමෝචකයා වන අතර ඔවුන් දේශීය බලශක්ති අවශ්‍යතාවයන් සඳහා ගල්අඟුරු බලාගාර වැඩිවශයෙන් භාවිත කරයි.
More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු