බිරිද මැරෙන්නත් කලින් මල් ශාලාවට ගෙවලා

කොරෝනා වෛරස ආසාදනය වී සිටි තම බිරිඳ ඝාතනය කර වෙනත් කාන්තාවක් හා විවාහ වීමට සූදානම් වී සිටි ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරලැස්ගමුව පොලීසිය සඳහන් කරන්නේ මියගිය බිරිඳගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව මෙම විවාහය සිදුකර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා සූදානමින් සිටි බවයි.

බිරිඳ ඝාතනය කිරීම සඳහා යොදාගත් අඩක් පිළිස්සුනු කොට්ටයක් සහ ඇඳ ඇතිරිලිද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වයස අවුරුදු 13ක් හා 06ක් වන දරුවන් දෙදෙනෙකුද මෙම යුවලට සිටී.

කොරෝනා ආසාදිත එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීම මත හුස්ම ගැනීමේ අපහසුතාවය මත මරණය සිදුව ඇති බවයි.

ඉන් අනතුරුව අදාල සැමියා බොරලැස්ගමුව පොලීසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඝාතනය පිළිබඳ සියලු කරුණු හෙළි කර තිබේ.

බිරිඳගේ මරණයට පෙර ම මල් ශාලාවකට දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා මුදල් පවා ගෙවා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com