ලෝක සංඥා භාෂා දිනය අදට (23) යෙදී තිබේ.
ජීවය පවතින සෑම දෙයකටම අනන්‍ය වූ විවිධ භාෂාවන් පවතී.
භාෂාව උපදින්නේ ශබ්දය මුල්කරගෙන වුණත් ශබ්දයෙන් නූපදින ලොව එකම භාෂාව සංඥා භාෂාවය.
රටින් රටට පළාතෙන් පළාතට අනන්‍ය වූ වෙනස් භාෂාවන්, උපභාෂාවන් පවතී.
මේ සියල්ල අතරේ වඩාත්ම විශේෂිත භාෂාව ලෙස අපට සංඥා භාෂාව දැක්විය හැකිය.
එහි ඉතිහාසය පස්වන සියවස තරම් ඈත කාලයකට දිවයයි.
නමුත් අන්තර්ජාතික සංඥා භාෂා ක්‍රමයන් වර්ධනය සිදුවන්නේ 19වන සියවසේදීය.
සංඥා භාෂාවක් ලෙස හැඳින්වෙන්නේ කථන සන්නිවේදනයේදී කටහඬ භාවිතයට නොගෙන අංග චලනයෙන් අදහස් හුවමාරු කරගැනීමය.
අතින් මවන හැඩ, සිරුර චලනය කිරීමෙන් ඇතිකරන හැඩ, මුහුණේ භාව ප්‍රකාශන, හස්ත මුද්‍රා සහ තොල් චලනයෙන් කරන අදහස් හුවමාරු කරගැනීම් එවැනි භාෂාවක ප්‍රධාන අංගයන්ය.
සංඥා භාෂාවන් පවුල් කිහිපයක් දැනට හඳුනාගෙන තිබෙන අතර ප්‍රංශ, ඇමෙරිකා, රුසියා, අරාබි, ඉන්දු – පාකිස්තාන, චීන, ජපන්, දකුණු අප්‍රිකා ඇතුළු සංඥා භාෂා පවුල් රැසක් ඒ අතර වේ.
සිංහල සංඥා භාෂාව ලෙසින් අපේ රට ආවේනික සංඥා භාෂාවක්ද තිබේ.
එය රජය පිළිගෙන ඇති භාෂාවක්වීම හෙතුවෙන් සිංහල සංඥා භාෂාව ලෝකයේ නිල සංඥා භාෂාවක් ලෙසද ප්‍රකටය.
සෑම වසරකම සැප්තැම්බර් 23 වනදා ලෝක සංඥා භාෂා දිනය ලෙස නම් කෙරෙන්නේ මෙලස සංඥා භාෂාව ඔස්සේ තම හැගීම් ප්‍රකාශ කරන පුද්ගලයින් පිළිබඳව සමස්ථ ලෝකයටම මතක්කර දීමේ අරමුණිනි.
සංඥා භාෂාව ඔස්සේ සන්නිවේදනය සිදුකරන ශ්‍රවණ සහ කථන ආබාධිත පුද්ගලියන් අප රටේද 4 ලක්ෂයක් පමණ සිටී.
එසේම ඔවුන්ටද අනන්‍ය වූ අයිතීන් තිබේ.
නමුත් ඒ අයිතීන් වෙනුවෙන් හඬ නගන්නට ඔවුන්ට හැකියාවක් නොමැත.
එම නිසාම මෙතෙක් ඔවුන් දිනාගත් ඉල්ලීම් ද නැත.
සුළු පිරිසක් ලෙස සුළුකොට නොතකා ඔවුන්ටද සමාජයේ සමාන අවස්ථාවක් හිමිවුවහොත් හඬ ඇති පුද්ගලයින් මැද හඬ නැති පුද්ගලයින් තවදුරටත් හුදකලා නොවනු ඇත.
More Stories
නවාකාරයෙන් යුත් චීන සංවර්ධනය පිළිබිඹු කෙරෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින් ඇරඹෙන 16 වන බ්‍රික්ස් නායක සමුළුව
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය චීනය ආශ්චර්ය දෙකක් නිර්මාණය කිරීමේ වැදගත් සහතිකයකි