තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පුද්ගලයින් 14 කු නිරෝධායනය සඳහා යොමුකර තිඛෙනවා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියෙකු කොරොනා ආසාධිතයෙකු ලෙස හදුනාගැනීමත් සමඟයි.
ඔහු පසුගිය 05 දා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර, එහිදී ඔහු ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවයි මේ වන විට අනාවරණ වී තිඛෙන්නේ.
තංගල්ල ධීවර වරාය, තංගල්ල නගරයේ වෙඳසැල් 04 ක්, සුපිරි වෙළඳ සංකීර්ණයක් හා බැංකුවක් වෙත ඔහු ගොස් ඇති බව මූලික විමසා බැලීම්වලදී අනාවරණ වී තිඛෙනවා. ඒ අනුව ඥාතීන් 12 කු සහ වෙළඳසැල්වල සේවකයින් පිරිසක් මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර තිඛෙනවා.
මේ අතර ගාල්ල නුගදූව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුද ඊයේ කොරෝනා අසාධිතයින් ලෙස හදුනාගෙන තිඛෙනවා.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ වන විට බාහිර සමාජය තුළ නැවතත් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීකෂණය වන බවයි. එය දෙවැනි රැල්ලක් ඇති වීමේ භයානක පෙරනිමිත්තක් බවද එම සංගමය පෙන්වා දෙනවා.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැතිරුණු කොරෝනා වෛරසය මේ වන විට ගාල්ල, කහවත්ත, රාජාංගනය, වීරවිල, ලංකාපුර, හලාවත, කුණ්ඩසාලේ, තංගල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාප්තවීමේ තත්ත්වය කෙරෙහි අවදානය යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අනතුරු ඇගවීම සිදුකළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ