සතොස වංචා දුෂණවල සාක්ෂි ජනපතිට

ජනාධිපතිවරයා මුණ ගැසී සතොස සතොස වංචා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය

ඒ සඳහා සියලු ලියකියවිලි සූදානම් කරගෙන යන බවත් මෙයට අමතරව එම දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතවද කරුණු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

මෙයට අදාළ සියලු කටයුතු ඉන් අනතුරුව අවසන් කරන බවත් එම දූෂණ,වංචා,අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉන්පසු බලධාරීන්ට අයිති රාජකාරියක් බවද ඔහු පැවැසීය.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඔහු හමුවී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහාද මූලික කටයුතු කරගෙන යන බවත් පවසයි.

මෙයට පෙර තමා ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදීද තමාට බලධාරීන්ගෙන් විරෝධතා එල්ලවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

WP Twitter Auto Publish Powered By : XYZScripts.com