කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කරන්නැයි දකුණු කොරියාව කළ ඉල්ලීම, උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළා.
ඒ කොරියානු යුද්ධය විධිමත්ව අවසන් කරන්නැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් උතුරු කොරියාවෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.
පවතින දේශපාලන වාතාවරණය සහ අමෙරිකානු මර්දන ප්‍රතිපත්ති පවතිනතුරු, කිසිවක් වෙනස් නොවන බව උතුරු කොරියාව අවධාරනය කර තිබෙනවා.
එරට රජය සදහන් කළේ අමෙරිකාව, තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බවයි.
දකුණු කොරියාවේ ඉල්ලීම, පරිණත තීරණයක් නොවන බවද උතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය