01 වැනිදා සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාවක්

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයන්ට සහ විදේශිකයන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී පී.සී.ආර්. පරීක්ෂණ නොකර සමාජගත වීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ රාත්‍රීයේ (28 වැනිදා) තීරණය කර ඇත.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඉල්ලීම මත සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා සංචාරක නියෝජිතායතන අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

එක් එන්නතක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් ගුවන්තොටුපොළේ දී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර දින දොළහක කාලයක් නිරෝධානයට යොමු කෙරේ. ඉන් පසු යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර නෙගෙටිව් නම් සමාජගත වීමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය යෝජනාද නියෝජිතායතන මෙහි දී ඉදිරිපත් කර ඇත.

ඉදිරි මාස තුන ඇතුළත දී මසක දී සංචාරකයන් 15000 සිට 20000ක් අතර සංඛ්‍යාවක් ගෙන ඒමට සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

උදයජීව ඒකනායක

WP Twitter Auto Publish Powered By : XYZScripts.com