දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසාගේ නියෝගයකට අනුව නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දකුණු අපි‍්‍රකාව තුළ මත්පැන් අලෙවිය යළි තහනම් කර තිබෙනවා.
මත්පැන් පානයෙන් පසු හටගන්නා පුද්ගල ගැටුම් අවම කිරීම, ගෘහස්ථ හිංසනය අවම කිරීම සහ සති අන්ත මත්පැන් සාද නැවැත්වීම එහි මූලික අරමුණයි.
මත්පැන් සඳහා තහනමක් පැනවුණේ, පළමු වරට පැවති මාස තුනක මත්පැන් තහනම ඉවත් කර සති කිහිපයකට පසුවයි.
පළමු වරට මත්පැන් තහනම පනවා තිබූ කාල සීමාවේදී නව්‍ය කොරෝනා ආසාදිතයින් වාර්තාවීම් ඉතා අවම මට්ටමක පැවති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබෙනවා.
දකුණු අපි‍්‍රකාවට පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 15 දක්වා දීර්ඝ කෙරේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්