ඡන්දය ප්‍රකාශ කිරීමට කිසියම් සේවා නියුක්තිකයෙකු විසින් ලිඛිත ඉල්ලීමක් කල විට
ප්‍රමාණවත් යැයි සළකනු ලබන කාලයක් නිවාඩු දීමට සේවා යෝජකයන් විසින් කටයුතු කල යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයෙකු විසින් ඉල්ලා සිටින නිවාඩු ලබා නොදීම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරා දඩුවම් දිය හැකි වරදක් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ වෙනුවෙන් පැය 4 කට නොඅඩු කාලයක් වැටුප් අහිමිවීමකින් තොරව නිවාඩු දිය යුතු බව පාර්ලිමේන්තු මැතිවරණ පණතේ දැක්වෙයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව