මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද (02) දිනයේ 13,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
කොවිඩ් මරණ 55ක් ඊයේ (01) දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
අද වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම කොවිඩ් මරණ 55න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 38 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට