සිය ට්විටර් ගිණුම නැවත සක්‍රීය කරන ලෙස ට්විටර් සමාගමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆ්ලෝරීඩා හි විනිසුරුවරයා හමුවේ ඉල්ලීමක් සිදුකර තිබේ.
එමඟින් ට්‍රම්ප් සඳහන් කරන්නේ තම දේශපාලන විරුද්ධවාදීන්ගේ බලපෑම මත ට්විටර් සමාගම විසින් පසුගිය ජනවාරි මාසයේ දී සිය ට්විටර් ගිණුම අවලංගු කිරීමට පියවර ගත් බවය.
කෙසේවතත් ට්විටර් සමාගම විසින් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විනිසුරුවරයා හමුවේ සිදුකර ඇති ඉල්ලීම පිළිබඳව ඉදිරියේදී සළකා බැලීමට නියමිතව තිබේ.
පසුගියදා අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත් වීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් එරට කැපිටල් ගොඩනැගිල්ල වෙත ඇතුළු වී ඊට හානි සිදුකරනු ලැබීය.
අදාළ සිදුවීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ඇතුළු සමාජ මාධ්‍ය ජාල ගිණුම් අත්හිටුවීමට අදාළ සමාගම් විසින් පියවර ගෙන තිබුණි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අවලංගු කරන විට එහි පරිශීලකයින් මිලියන 88කට අධික පිරිසක් ඇතුළත්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්