නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, අද්මිරාල් ධූරයට උසස් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ශී්ර ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හෙට දිනයේ සේවයෙන් විශ්රාම ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් අදාළ උසස්වීම ලබා දී ඇත්තේ හෙට සිට බලපැවැත්වෙන පරිදියි.
1984 වසරේදී ශී්ර ලංකා නාවික හමුදාවට එක් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදාපති ධූරයට පත් වූයේ 2019 වසරේ ජනවාරි මස පළමුවනදායි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ