පාර්ලිමේන්තුව අද රැස්වනවා.
අඛණ්ඩව ලබන සිකුරදා දක්වා එම කටයුතු පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ.
අද දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නම් කර තිබෙනවා.
2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.
මේ අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ පුරප්පාඩුව පවතින සහ පුරප්පාඩු වීමට නියමිත සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ මේ අනුව නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, කර්තෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර ඇති බවයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට පාර්ලිමේන්තු සභාව රැස්වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වී සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ