GSP අහිමි කිරීමේ උත්සාහයක් ගැන ඇමති GL කියයි

පටු දේශපාළන අරමුණු හේතුවෙන් ඇතැම් පාර්ශවයන් ජී එස් පී ප්ලස් සහනය අහිමි කරන ලෙස කරුණු දක්වා ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා

ඔහු අවධාරණය කළේ එම සහනය අහිමි කිරීමෙන් අගතියට පත්වන්නේ මහජනතාව බවයි.

මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් නියොජිත පිරිස රජයේ ප්‍රධානීන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් හා සිවිල් සංවිධාන හමුවී වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව, ඇගලු‍ම් ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය සඳහා යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී ප්ල්ස් සහනය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගනු ඇති.

කෙසේ වෙතත් මානව හිමිකම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා නොගතහොත් ශ්‍රී ලංකාව සඳහා ජී.එස්.පී ප්ලස් බදු සහනය ඉවත් කරන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා යුරෝපා පාර්ලිමේන්තුව ඉකුත් ජූනි 8 වැනිදා යෝජනාවක් ද සම්මත කර ගත්තා.

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක – සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කල යුතු බවට බලපෑම් නොකළ යුතු බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com