මහරගම අපේක්ෂා රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම අද(04) ආරම්භ කර තිබේ.
රෝහලේ සායනවල ලියාපදිංචි වූ දරුවන් සඳහා එන්නත් ලබාදීම දෙවන අදියරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.
විශේෂඥ වෛද්‍ය අනුමැතියෙන් පමණක් මෙම එන්නත ලබා දෙන බැවින් මේ සම්බන්ධයෙන් දෙමව්පියන් කිසිඳු බියක් ඇති කර ගත යුතු නැති බව එම එන්නත්කරණ වැඩසටහන භාර විශේෂඥ වෛද්‍ය සමන්මලි ගුණසේකර මහත්මිය අවධාරණය කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ