කොවිඩ් වසංගතය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් එළැඹෙන සතියේ සිට නැවත ආරම්භ කරන බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කරයි.
මේ දිනවල එම බයිපාස් සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන්ව වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කිරීම හා ශල්‍යාගාර විෂබීජහරණය කරමින් සැත්කම් සඳහා සූදානම් වීම ආරම්භ කර ඇතැයි වෛද්‍ය ගජනායක පවසා සිටියි.
ජාතික රෝහලේ බයිපාස් සැත්කම්, ශල්‍යාගාර දෙකක සිදුකරන අතර දිනකට සැත්කම් 5ක් පමණ කරන බව කී නියෝජ්‍ය අධ්යක්ෂවරයා මේ අනුව පොරොත්තු ලේඛනයේ සැත්කම් අපේක්ෂාවෙන් සිටින රෝගීන් ඉක්මනින් සැත්කම් සඳහා ලක්කළ හැකි බවද පෙන්වා දේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ