කොවිඩ් ආසාදනයෙන් පසු වැඩි වශයෙන් සංකුලතා ඇති වී තිබෙන්නේ නිධන්ගත රෝගාබාධ පවතින පුද්ගලයන්ට බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න පැවසුවාය.
ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ කොවිඩ් හේතුවෙන් මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවය.
ඇය ප්‍රකාශ කළේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් ඇති බවය.
එම තත්ත්වය දිර්ඝව පවත්වාගෙන යාමට නම් සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව කටයුතු කළ යුතු බව ඇය අවධාරණය කළාය.
මෙහිදී මනෝ වෛද්‍ය විශේෂඥ සජිවන අමරසිංහ අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් සුවවූ අයකුට ශරිරයට වෙහෙසකර බවක් හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින්නේ නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බවය.
1926 දුරකථන අංකය ඇමතීමෙන් හෝ 247 දුරකථන අංකය ඇමතීමෙන් එම වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවද හෙතෙම අවධාරණය කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ