දකුණු චීන මුහුදේ ගමන් කල ඇමරිකානු නාවික භටයින් රැගත් නාවික යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශයේ ගිලී ගොස් තිබූ න්‍යෂ්ඨික සබ්මැරීනයක ගැටිමෙන් නාවිකයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා
අමරිකානු නාවියකයින් ගමන් කළ යාත්‍රාවට මුහුදේ ගිලී තිබූ සබ්මැරීනය දර්ශනය නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්
තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට චීන ගුවන් යානා බලහත්කාරයෙන් ඇතුලු වීම හේතුවෙන් දෙරට අතර ඇතිවී ඇති මතභේදකාරී තත්ත්වය උත්සන්න වීමත් සමග මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ
ඇමරිකානු නාවික හමුදා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කළේ සබ්මැරීනයේ ගැටුණු ඇමරිකානු යාත්‍රාව යලි ගුවාම් වරාය දෙසට පැමිණෙමින් සිටින බවයි
More Stories
“තාක්ෂණය සාමකාමීව භාවිත කිරීම”පිළිබඳ චීනයේ යෝජනාවට යළි අනුමැතිය
ඇමරිකාවේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
“ගෝලීය දකුණේ” රටවල සංවර්ධනයට හා පුනර්ජීවනයට චීනයේ සහාය