බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ