කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස පිහිනුම් තටාකයක ගිලී මිය යාමේ පුවතක් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රඹුක්වැල්ල, අලවතුගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 06 හැවිරිදි දැරියක්
පාසිකුඩා ප්රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක දිය නෑමට ගිය අතරතුර ඇය එම තටාකයේදී ගිලී මිය ඇතැයි පොලිසිය සඳහන් කළා.
දැරියගේ මෘත ශරීරය මේ වනවිට වාලච්චේන රෝහලේ තැන්පත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ