ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේත් රට අඳුරේ ගිලී පැවතියේය.
මෙලෙස විදුලිය විසන්ධි වී තිබෙන්නේ ලෙබනනය ආර්ථික ගැටලු කිහිපයකින් පීඩා විඳින පසුබිමකය.
ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක් වන අල් සහරානි සහ ඩියර් අම්මාර් හි විදුලිබල උත්පාදනය ගෙවුණු මාස කිහිපයේදී දැඩි ලෙස සීමා වී තිබුණි.
එම විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ඩීසල් හිඟවීමෙන් සෙනසුරාදා සිට ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ.
විදුලි උත්පාදනය යථා තත්ත්වයට පත්කිරීමට සඳුදා වන තුරු නොහැකි වනු ඇති බව රජයේ නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබුණේය.
විදුලිය බිඳවැටීමෙන් බේරූට් අගනුවර අඳුරේ ගිලීගොස් තිබූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර තාවකාලිකව විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාව සතු ඉන්ධන සංචිත භාවිත කිරීමට බලධාරීන් උත්සහ දරමින් සිටී.
ගෙවුණු මාස 18 පුරා ලෙබනනය ආර්ථික ගැටලුවලින් පීඩා වින්දේය.
එරට වැසියන් උග්‍ර ඉන්ධන හිඟයකටත් මුහුණදී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය.
පවතින වාතාවරණය තුළ ලෙබනනයේ දිළිඳු භාවය ඉහළ ගොස් ඇති අතර ජනගහනයෙන් අඩක් පමණ දරිද්‍රතාවයටද ඇද දමා ඇතැයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.
More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු