විදෙස් රටක සිට එවා තිබූ මළ සිරුරු දෙකක් මාරුවී එක් සිරුරක් ආදාහනය කිරීමේ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වනවා.
කුවේට් රාජ්‍යයේ සිට මුද්‍රා තැබූ මෙම මළසිරුරු දෙක ශ්‍රී ලංකාවට එවා තිබුණේ පසුගිය ඉරිදා දිනයේදියි.
ඉන් එක් මළ සිරුරක් කුවේට් හි රැකියාව කරමින් සිටියදී රිය අනතුරකට ලක්වූ පිරිමි පුද්ගලයෙකුගේ වන අතර, එය එවා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් කරමින්.
අනෙක් මළ සිරුර කුවේට් රාජ්‍යයේදි හදවත් රෝගයකින් මියගිය කාන්තාවකගේයි.
එම මළ සිරුර නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගේ සොහොයුරියකගේ වන බව සඳහන්.
පිරිමි මළ සිරුරේ අයිතිකරුවන් වන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් එම සිරුර රැගෙන යාම සඳහා මීගමුව රෝහලට පැමිණ පරීක්ෂා කර බැලීමේදී අනාවරණ වී ඇත්තේ එය කාන්තාවකගේ මළ සිරුරුක් බවයි.
කෙසේ වෙතත් ඒ වනවිට නිකවැරටිය ප්‍රදේශයේ සිට පැමිණි ස්වාමීන් වහන්සේ විසින් අනෙක් මළ සිරුර රැගෙන ගොස් ආදාහනය කර තිබුණා.
නාවලපිටිය ඥාතීන් සැක කරන්නේ එම ආදාහනය කර ඇති සිරුර රිය අනතුරකින් මියගිය තම ඥාතියාගේ බවටයි.
කෙසේ වෙතත් අනෙක් මළ සිරුර ආදාහනය සඳහා රැගෙන ගිය නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නාවලපිටියේ පුද්ගලයින්ට ප්‍රකාශ කර ඇත්තේ කාන්තා මළ සිරුරේ ආදාහන කටයුතු සිදුකරන ලෙසටයි.
කෙසේ වෙතත් ඊට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් එම ගැටළුව කටුනායක ගුවන් තොටුපල පොලීසියට දැනුම්දී තිබුණා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ