දකුණු කොරියාවට පළාගිය උතුරු කොරියාවේ ඉහළ පෙළේ නිලධාරියෙක් බී.බී.සී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කිම් ජොන් අන් පාලනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.
උතුරු කොරියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල්වරයෙක් ලෙස කටයුතු කර ඇති ඔහු සම්මුඛ සාකච්ඡාවට එකඟ වී තිබුණේ සති ගණනක් තිස්සේ කළ ඉල්ලීම්වලින් පසුවය.
කිම් කුක් සොංග් (Kim Kuk-song) නමින් පෙනී සිටින එම පුද්ගලයා වසර 30ක වෘත්තිය දිවිය තුළ උතුරු කොරියාවේ ප්‍රබල ඔත්තු සේවාවල ඉහළම තනතුරු දරා තිබුණි.
ඔහු එම ආයතන හඳුන්වන්නේ උතුරු කොරියානු නායකයාගේ ඇස්, කන් සහ මොළය ලෙසය.
2014 දී ඔහු තම දිවි බේරා ගැනීමට දකුණු කොරියාවට පළාගොස් ඇති අතර, එතැන් සිට ඔහු එරට බුද්ධි අංශවල සේවයකර තිබේ.
ඔහු එහිදී පැවසුවේ උතුරු කොරියානු නායකයා මුදල් රැස් කිරීමට දැඩි ගිජුකමක් දක්වන බවත් ඒ සඳහා මත්ද්‍රව්‍ය විකිණීම සහ අවි ආයුධ වෙළෙඳාම් සිදුකරන බවත් ය.
අදාළ වෙළෙඳාම් මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල් ඉලක්ක කරමින් සිදුකෙරෙන බව ඔහු හෙළිකර තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්