කොවිඩ් ආසාදිතයින් ට ප්‍රතිකාර කිරීම සඳහා මර්ක් සමාගම විසින් ඔවුන් නිපදවා ඇති ඖෂධ කරල හදිසි භාවිතය සඳහා අමෙරිකානු ඖෂධ නියාමන ආයතනයේ අනුමැතිය ඉල්ලා තිබේ.
එම අනුමැතිය හිමිවුවහොත් කොවිඩ් වෛරසයට එරෙහිව භාවිත කෙරෙන පළමු ඖෂධ කරල බවට එය පත්වෙයි.
එම කරල කොවිඩ් වැලඳී අසාධ්‍ය නොවූ රෝගීන් සඳහා භාවිත කළ හැකි බවය.
එසේ අනුමැතිය ලැබුණහොත් කොවිඩ් රෝගීන් ව නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම පහසුවන බව එම සමාගම පැවසීය.
එම කරල නියමිත මාත්‍රාව ලබාදීමෙන් කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම සහ මරණ 50%කින් පමණ අඩුකරගත හැකි වෙතැයි සඳහන් වෙයි.
මේ වනවිට ඔස්ට්‍රේලියාව, මැලේසියාව, දකුණු කොරියාව සහ සිංගප්පුරුව ඇතුළු රටවල් රැසක් එම ඖෂධ ඇණවුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්