සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමට හෝ අතුරුදහන් වූවන් සොයා ගැනීමට ස්නයිෆර් සුනඛයන්, ලැබ්‍රඩෝ සුනඛයන් භාවිතා කරනවා.
නවතම විදෙස් වාර්තා අනුව කොවිඩ් -19 ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට චිලී පොලිසිය සුනඛයින් පුහුණු කර තිබෙනවා.
වෛරසයට කිසිදු සුවඳක් නොමැති අතර, එය අවුලුවන පරිවෘත්තීය වෙනස්වීම් නිසා මිනිසුන්ගේ දහඩිය වෙනස් ලෙස වහනය වීමෙන් මෙය හදුනා ගැනීමට හැකියාවක් ලැබෙන බවයි සදහන් වන්නේ.
දුම්රිය ස්ථානවල සහ ගුවන්තොටුපලවල මුර සංචාරයේ යෙදීමට හැකි වන පරිදි සුනඛයින් අගෝස්තු මාසය වන විට පුහුණු කර අවසන් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවද චිලී පොලිසිය පවසනවා.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්