ගෑස්, කිරිපිටි හා සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් අද (12) දින කොටුව ගුණසිංහ පිළිරුව අසල කිරි බත් දන්සලක් සංවිධානය කර තිබුණි.
සමගි ජන බලවේගයේ ස්වයං රැකියා කාන්තාවන්ගේ සංගමය මගිනුයි එම විරෝධය සංවිධානය කර තිබුණේ.
තවදුරටත් වැඩි වන ජීවන වියදම දරාගත නොහැකි බවත් මේ හේතුවෙන් පවුල් තුළ විශාල අර්බුද ගොඩනැගී ඇති බවත් මෙම කාන්තාවන් පෙන්වා දුන්හ.
නිවැරදිව රටක් පාලනය කිරීමට නොහැකි නම් කරුණාකර නැවත රට භාර දී යන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාට අවධාරණය කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ