නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරු පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අද සිට අවසර හිමි වනවා.
ඒ අනුව හෙට සිට ශාලාවට ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් ඇතුළත් කරගත හැකි අයුරින් උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමේ අවසරය හිමිවනු ඇති.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා විවාහ, ලියාපදිංචි කිරීම්වලට පමණක් සීමා කර තිබුණා.
මේ අතර අවමංගල්‍ය අවස්ථාවක දී ද එක් වරක දී සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව හෙටින් පසු 15 දෙනෙකු දක්වා ඉහළ නංවා තිබෙනවා.
හෙටින් පසු ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා ද අවසර හිමිවන බවයි අදාල මාර්ගෝපදේශ මාලාවේ දැක්වුණේ.
හෙට සිට අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් ඇතුළත් වන අයුරින් ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමේ හැකියාව පවතින අතර මත්පැන් භාවිතය තහනම් වන ඇති.
රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්රණ ආදිය ද පැවැත්වෙන ස්ථානයේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 25 ක් ඇතුළත් වන ලෙස, උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකි වනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ