ෆේස්බුක් සමාගම විසින් සුඩානයේ ප්‍රබල පැරාමිලිටරි කණ්ඩායමකට සම්බන්ධ ගිණුම් 735 ක් අක්‍රීය කර තිබේ.
“දේශීය පරිශිලකයන් ඉලක්ක කරගත් සුඩානයේ FBpages 116 ක්, ෆේස්බුක් ගිණුම් 666 ක්, කණ්ඩායම් 69 ක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 92 ක් අපි ඉවත් කළෙමු” යනුවෙන් ෆේස්බුක් සමාගම පසුගිය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නට විය.
මෙම ගිණුම් සුඩාන රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වේගවත් ආරක්ෂක හමුදාවලට සම්බන්ධ කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
“සමහර FB pages ස්වාධීන ප්රවෘත්ති ආයතන යැයි කියැවේ. සමහර ගිණුම් සුඩානයේ නිදහස් සේවකයින්, මාධ්‍යවේදීන් සහ සිසුන් ලෙස ඉදිරිපත් කර ඇති අතර සමහර ගිණුම් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප ඔවුන්ගේ පැතිකඩ ලෙස භාවිතා කළ බව” වැඩිදුරටත් ෆේස්බුක් පවසයි.
සුඩානයේ Sovereign Council හි උප සභාපති මොහොමඩ් දාගලෝ විසින් මෙහෙයවනු ලබන පැරාමිලිටරි කණ්ඩායම හෙමේටි යනුවෙන් හැඳින්වෙන අතර එයට එරටේ බොහෝ ප්‍රදේශවල දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනා එල්ල වී තිබේ. නමුත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්