පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිය තරුණ පෙරමුණ සහ කාන්තා සංවිධානය ප්‍රතිසංවිධානය කර දිස්ත්‍රික් සහ ආසන බලමණ්ඩල ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (15) රැස්වන අතර තරුණ පෙරමුණ හා කාන්තා සංවිධානය සඳහා නව නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී තීරණය කෙරෙන බව එම පක්ෂ ආරංචි මාර්ග ‘අරුණ’ ට ඊයේ (14) පැවසීය.
මෙම සංවිධාන දෙකේම ප්‍රතිසංවිධාන කටයුතු වසර ගණනකින් සිදු කර නොමැති බවත් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමත් සමග දිස්ත්‍රික් හා ආසන බලමණ්ඩල ශක්තිමත් කිරීම කඩිනම් කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ