මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ 4 වැනි දිනය අදයි.
අද සහ හෙට යන දෙදින ආරක්ෂක අංශවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව උදාවේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට, ලබන 20 සහ 21 යන දෙදින, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.
මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලබා ඇති තැපැල් ජන්දදායකින් සංඛ්‍යාව 70 5,085 කි.
මහ මැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වැනිදා පැවැත්වේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ