බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඩේවිඩ් එමෙස් ඝාතනය, ත්‍රස්ත ක්‍රියාවක් යැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි.
69 හැවිරිදි ඩේවිඩ් එමෙස් ට පිහි ප්‍රහාරයක් එල්ල විය. ඒ, ඔහු ඔහුගේ ආසනය වන දකුණු එසෙස් පළාතේ ලී-ඔන්-සී බෙල්ෆෙයාර්ස් මෙතෝදිස්ත දේවස්ථානයේ සිය ආධාරකරුවන් හමුවෙමින් සිටිද්දීය.
මන්ත්‍රීවරයාට පිහි ප්‍රහාරය එල්ල කළ 25 හැවිරිදි තරුණයා පසුව පොලිසිය විසින් අල්ලා ගනු ලැබුණි. ඔහු සෝමාලියානු සම්භවයක් ඇති තරුණයකු බව පොලිසිය පවසා තිබේ.
පිහි ප්‍රහාර කීපයක්, ඩේවිඩ් එමෙස් ට එල්ල වුණු බවත්, ඔහු රෝහලට ගෙන යෑමටත් පෙර මියගිය බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා පවසා තිබේ. බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ඩේවිඩ් එමෙස් සෑම මසකම පළමු සහ තෙවැනි සිකුරාදා දිනවල බෙල්ෆෙයාර්ස් දේවස්ථානයට පැමිණෙන අතර, එහිදී ඔහු ඔහුගේ පාක්ෂිකයන් සහ ඔහුගේ ආසනයේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ විමසා බලයි.
තම රාජකාරි අකුරට ඉටු කළ ජනතා ආදරයට පාත්‍ර වූ දේශපාලනඥයකු ලෙස එමෙස් සැලකෙයි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කිරිමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය.
එමෙස් මහජන සේවයට කැපවුණු තැනැත්තකු බවත්, හොඳ මිතුරකු බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ද වන බොරිස් ජොන්සන් පවසා තිබේ. එමේස් පස් දරු පියෙකි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්