පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 8ක සංචාරකයින් සඳහා හෙට (19) සිට සිංගප්පූරුවට පැමිණීමට අවසර ලබාදී තිබේ.
ඒ අනුව අදාළ සංචාරකයින් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව එරට බලධාරීන් පවසයි.
සිංගප්පූරුවේ ජනගහනයෙන් 80%කට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමෙන් අනතුරුව එරට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබුණි.
ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයින් සඳහා ද රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සිංගප්පූරු බලධාරීන් සඳහන් කළේය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්