ඉන්දියාව තුළ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 30,000 ඉක්මවා තිබේ.
ඒ් අනුව ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 32,695 වාර්තා වී තිබේ.
එය මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව බවයි දැක්වෙන්නේ.
ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 992,746 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ ගණන 25,414 ක් බව සඳහන්.
එමෙන්ම 620,194 කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද එරට වාර්තා පෙන්වාදෙයි.
එරට පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වූ දින සිට මේ දක්වා රට පුරා පරීක්ෂණ මිලියන 12.7කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන අතර ඊයේ (15) දිනයේදී පමණක් සාම්පල් 326,00 ක් පමණ පරික්ෂා කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්