පොහොර පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (21) පැවැත්වීමට නියමිතය.
විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.
මේ අතර පාර්ලිමේන්තුව හෙටත් (21) අනිද්දත් (22) පැවැත්වෙන අතර හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව ) වාර්තා පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයකි
මෙම දින දෙකේදීම පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
පාර්ලිමේන්තුව හෙට (21 ) පෙරවරු 10 ට රැස්වී අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්)(සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මුලින්ම විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
අනතුරුව පොහොර ප්‍රශ්නය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග දෙකක් අනිද්ද (22) සිකුරාදා පෙරවරු 11.00සිට මධ්‍යහන 12 දක්වා විවාදයට ගැනීමෙන් සම්මත කර ගැනීමට
කටයුතු කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදය හෙට පස්වරු 12 සිට පස්වරු 03:30 දක්වා පැවැත්වේ. මේ යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩුව විසිනි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම නියාය පත්‍රය තීරණය කර ඇත්තේ එම රැස්වීමේදීය.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය. කොවිඩ් පැතිරීම පහව ගිය පසු පාර්ලිමේන්තු මහජන ගැලරිය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විවෘත කිරීමට මෙහිදී තීරණය කෙරුණු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කිරීම සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේදී කරුණු සලකා බැලීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ