දිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.
ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ඒ බව පැවසීය.
පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.
ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී තිබේ.
මේ අතර රජයේ අනුමත පෞද්ගලික පාසල්, කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ඊට සමගාමීව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්