යකුන්ට මන්දු කොරන්න තීන්දු පොජ්ජ මන්දු කරලා

ඉදිරි වගා කටයුතු සඳහා ජලය ලබා දීමට පෙර පොහොර ලබාදෙන ලෙස රජයට බලකරමින් (21) දින දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල ආදිවාසී ජනතාව උද්ඝෝෂණයක නිරතවූහ.

හෙනානිගල මහවැලි ගම්මානයේ පදිංචි ගොවිතැනින් ජීවත්වන ආදිවාසීහු කොළ අතු ඉනවටා දවටාගෙන ගමේ වැව් පිටියට රැස්වී ඔවුන්ගේ සම්ප්‍රදායට අනුව කෘෂිකර්ම ඇමැතිවරයාට විරෝධය දැක්වූහ.

අනතුරුව ගිනිමැලයක් වටා නටමින් නෑයකුන්ට කන්නලව් කළහ. රජයට දොස් නගමින් රිටිවලින් පොළවට ගසමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවූහ. විරෝධතාවය නිමාකළ ඔවුහු තමන්ගේ ඉල්ලීම් විපක්ෂ නායකතුමාට දැන්වීම සඳහා සකස් කළ සංදේශයක් ආදිවාසී සම්ප්‍රදායට අනුව අම්පාර ආසනයේ සමගිජන බලවේගයේ සංවිධායක ගයාන් දර්ශනට භාර දුන්නේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com