ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට හෝ ඡන්ද පෙට්ටිය නිවසින් නිවසට රැගෙන යාමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබෙනවා.
ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස් පොදු ඡන්ද මධ්‍යස්ථානයට නොකැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව පෙරේදා තීරණය කළා.
ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දිනයේ පස්වරු 4.00 සිට 5.00 දක්වා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව මීට ඉහතදී තීරණය කර තිබුණා.
නිරෝධායන නීති යටතේ ස්වයං නිරෝධායනයට ලක්වූවන්ට නිවසින් පිටතට නොයන ලෙස දැනුම්දී තිබීම හේතුවෙන් ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට කීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වන පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධව කටයුතු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් මෙම මස 20 වැනිදා සිට ක්‍රියාත්මකයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ