ඇමරිකා එක්සත් ජනපදය ජර්මනිය සහ ප්‍රංශය ඇතුලු විදෙස් තානාපතිවරුන් 10 දෙනෙකු සිය රටින් නෙරපීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා.
ඔවුන් පිටස්තර පුද්ගලයින් ලෙස සලකන බවයි තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ප්‍රකාශ කර ඇත්තේ
තුර්කියේ මෙම ක්‍රියාවලිය රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ඇති කරන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔස්මන් කවාලා කඩිනමින් නිදහස් කරන ලෙස මෙලෙස නෙරපා දැමුණු රටවල්වල තානාපතිවරුන් මීට පෙර සිදුකර තිබූ ප්‍රකාශ ඔවුන් තුර්කියෙන් නෙරපීමට හේතු වී ඇති බව සඳහන්
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හේතුවෙන් ඔස්මන් පවාලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට වසර 4කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අතර, ඔහුට එරෙහි චෝදනා සනාථ කිරීමට තුර්කි බලධාරීන් මෙතෙක් සමත් වී නැහැ
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය