සහල් මෝල් හිමියන් විසින් නව සහල් මිල ප්‍රකාශයට පත්කර සති කිහිපයක් ඇතුළත නැවත වතාවක් සහල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා රුපියල් 10කින් සහ කීරි සම්බා රුපියල් 30කින් ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කළේ.
වෙළෙඳපොළේ ඇතිවූ සහල් හිඟය ඇතුළු අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරීම සඳහා රජය විසින් පසුගියදා සහල් පාලන මිල ඉවත් කරණු ලැබුවා.
ඉන් පසු සහල් සඳහා නව මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහාපරිමාණ සහල් ව්‍යාපාරිකයින් විසින්.
ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 115කටත්, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත්, කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 165කට මිලට ගතහැකි බව පසුගිය සැප්තැම්බර් 28 වනදා ව්‍යාපාරිකයින් ප්‍රකාශයට පත්කර තිබුණා.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට