පාසල් දරුවන්ට නිවසේදී ලබාදෙන පාඩම් ක්‍රියාකාරකම් අඩු කිරීම සඳහා චීනය විසින් නීතියක් සම්මත කර ඇත.
පාසල් ඉගැන්වීම්වලින් පසු දරුවන් අධික ලෙස නිවසේදී පාඩම් ක්‍රියාකාරකම්වලට යොමුකිරීම තුළින් ඇතිවන පීඩනය අවමකිරීම නව අධ්‍යාපන නීතීයේ අරමුණ බව එරට බලධාරීන් පවසයි.
තම දරුවන්ට විවේක ගැනීම සහ ව්‍යායාම කිරීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ නොදෙන ලෙසත් චීන බලධාරීන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.
චීනය වයස අවුරුදු 6 සහ 7 දරුවන් සඳහා ලිඛිත විභාග පැවැත්වීමද පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්