දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට ආරම්භ කිරීමත් සමඟ නිළ ඇදුමෙන් සැරසී පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ, වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින්, මේ වන විට බොහෝ දරුවන්ට දැනට පවතින නිළ ඇඳුම් භාවිතයට ගත නොහැකි තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.
ඒ හේතුවෙන් පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම යෝග්‍ය බව අධ්‍යාපන ලේකම්වරයා කියා සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ