නව රාජය ආයතනයක් ලෙස පිහිටුවීමට නියමිත ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2021 අංක 21 දරණ ඛනිජ තෙල් සම්පත් පනතට අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බදවා ගන්නා සාමාජිකයන්ට තිබිය යුතු අවම සුදුසුකම් අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වනවා.
ඒ අනුව ගැසට් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම් ලෙස නීති, මුදල්, භූ විද්‍යා, ඛනිජ තෙල් කර්මාන්තය, කළමනාකරණය හෝ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විය යුතුයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නිල බලයෙන් පත් වන සාමාජිකයන් හැර තවත් සිව්දෙනෙකු පත් කිරීමේ බලය බලශක්ති අමාත්‍යවරයාට හිමිවන අතර එසේ පත් කරනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අවම සුදුසුකම් සපුරා ඇති බවට තහවුරු කරගැනීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ